
(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ඔක්ස්ෆොර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත අද (30) සිට දකුණු පළාතේ රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලවල පළමු පෙළ සෞඛ්‍ය සේවකයන් වෙත එන්නත් කිරීම ඇරඹූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.
ඒ අනුව දකුණු පළාතේ සේවය කරනු ලබන 20,000 ක් වනසෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයට මෙම එන්නත අද (30) ඇතුළත්ව දින 07ක් ඇතුළත ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද වෛද්‍ය සිරිතුංග මහතා වැඩිදුරටත් කීය.
මෙම එන්නත කරාපිටිය ශික්ෂණ රෝහලේ 34 වාට්ටුවේ දී සෞඛ්‍ය සේවකයන් අතර ලබාදීමද සිදු විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.