IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණේ කොරෝනා 874ට නගී


 (ජේ.කේ.එල් චාමින්ද)
 
දකුණු පළාතෙන් ඊයේ (27) දිනය තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු හමුවීමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 874 දක්වා වැඩිවි ඇති බැව් දකුණුපළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 490 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 309 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 75 දෙනෙකු වාර්තා වී ඇති බවද හෙතෙම පවසයි. ඊයේ  (27) දින ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවී කොවිඩ් ආසාදිත රෝගින්  සංඛ්‍යාව23කි. අක්මිමනින් 02නෙකු, බෝපේ පොද්දලින් 05 දෙනෙකු, බලපිටියෙන් 09 දෙනෙකු, ඇල්පිටියෙන් 01 අයෙකු ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් 02 නෙකු, කරන්දෙණිය ප්‍රදේශයෙන් 02ක් හා නියාගම ප්‍රදේශයෙන් 02 වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි.
 
මාතර දිස්ත්‍රික්කයෙක් ඊයේ (27) දින කොවිඩ් ආසාදිත රෝගින් 12 දෙනෙකු වාර්තා වී ඇත. අකුරැස්ස ප්‍රදේශයෙන් 04 දෙනෙකු, දික්වැල්ල ප්‍රදේශයෙන් 03නෙකු, කුඹුරුපිටිය ප්‍රදේශයෙන් 01 අයෙකු, කැකුණදුර ප්‍රදේශයෙන් 02නෙකු වැලිගම  ප්‍රදේශයෙන් 02 නෙකු වාර්තා වී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්  ඊයේ දින වාර්තා වි ඇති කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 04 දෙනෙකි. අම්බලන්තොටින් 01 අයෙකු අගුණුකොළපැලැස්සෙන් 01 අයෙකු, කටවුන හා වලස්මුල්ල යන ප්‍රදේශවලින් එක් අයෙකු බැගින් වාර්තා වී ඇත.
 
කොවිඩ් ආසාදනය වීමෙන්   419  දෙනකු සුව වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් 264 නෙකු මාතර දිස්ත්‍රික්කයේ 122 නෙකු, හම්බන්තොට දිස්ත්‍රික්යේ 33 නෙකු සුව වි ඇති බවද කොවිඩ් සම්බන්දිකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරියා පවසයි.
 
දකුණු පළාත තුල පවුල් 2317කට අයත් පුද්ගලයින් 4678  දෙනෙකු  නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද  චාමර මහගමගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි.



අදහස් (0)

දකුණේ කොරෝනා 874ට නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site