(ඩි.ජී.සුගතපාල)
දකුණු පළාතේ කොරෝනා මරණ සංඛ්‍යාව අද වනවිට 474දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්විමේ දකුණු පළාත් මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
මෙම මරණවලින් 343ක්ම වාර්තාවි ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 96ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ 35ක්ද වාර්තා වි ඇතැයි චාමර මහගමගේ මහතා විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්වේ.
මේ වනවිට දකුණු පළාතේ පවුල් 9193ක සාමාජිකයින් 25843ක් නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති බවත් රජයේ රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 2327ක්ද කොග්ගල ,හික්කඩුව සහ බෙන්තොට හෝටල්වල පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානවල 571ක්ද ප්‍රතිකාර ලබන බවත් එම වාර්තාවේ සඳහන්වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.