( හැටන් සුදත් එච්. එම්. හේවා)
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ එකම පවුලේ 10 ක් ඇතුළු කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනකු අද 04 ලැබුණු පි. සි. ආර්. වාර්ථා මත තහවුරුවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පැවසීය.
කොවිඩ් ආසාදිත වීමෙන් හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ මිය ගිය අයගේ පවුලේ පිරිස ඇතුළු 36 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම ආසාදිතයන් 23 දෙනා හදුනා ගැනිමට හැකිවු බවද ඔහු කිවේය.
කොවිඩ් ආසාදනයෙන් මිය අයගේ පවුලේ 10 දෙනකු ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත් අනික් ආසාදිතයන් හැටන් දුබුරු ගිරිය,හැටන් සාත්තු නිවාස පාර, හැටන් ඩංබාර්, හැටන් සාලිය පුර, දික්ඔය නගරය, යන ප්‍රදේශවලින් හමුව ඇති බවත් හැටන් ගාමිණි පුර එම පවුලේ ආසාදිතයන් 10 දෙනා අතර අවුරුදු 05ට අඩු එක් අයෙක් අවුරුදු 18 අඩු 04 දෙනකුද සිටින බව එම නිලධාරියා වැඩිදුරත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දික්ඔය එකම පවුලේ 10 ක් ඇතුළු 23කට කොරෝනා