
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 7දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2524ක් වන අතර, මේ වනවිට රෝගීන් 293දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 3දෙනෙක්ද, මුල්ලේරියාව රෝහලෙන් එක් අයෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් දෙදෙනෙක්ද වෙති.
පිටව ගිය පිරිස අතර කිසිදු විදේශිකයකු නොවන බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2828ක් වන අතර, මේ වනවිට 11දෙනෙකු මිය ගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd