
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 6දෙනෙකු සුවය ලබා අද(03) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය උදෑසන 10.00ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2889කි. ආසාදිතයෝ 201ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
අද පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 4දෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් දෙදෙනෙක්ද වෙති.
මේවනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3102ක් වන අතර, 12දෙනෙකු මියගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd