
(නිමන්ති රණසිංහ සහ ටෝනි කරුනානායක)
කොරෝනා වයිරසය ආසාදිත වීමෙන් තවත් හෙදියක් ඊයේ (27) ජීවිතක්ෂයට පත්වූවාය.
කොරෝනා ආසාදිත ව මරණයට පත්වූ සිව්වැනි හෙදිය වන්නේ ද ඇයයි.
මෙසේ මරණයට පත්වී ඇත්තේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ හෙද පාලිකා ඉන්දු අමරසිංහ මහත්මියය. දෙදරු මවක් වන ඇය, මියයන විට 56 වැනි වියේ පසුවූවාය.
මිනුවන්ගොඩ මූලික රෝහලේ වාට්ටු අංක 2 භාරව කටයුතු කළ අමරසිංහ මහත්මිය, එම රෝහල කොවිඩ් ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් බවට පරිවර්ථනය කළ දා සිට රෝහලේ සියල්ලන්ගේම ප්‍රශංසාවට පාත්‍රවූ හෙද නිලධාරිනියක ලෙසින් කටයුතු කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නිති රෙගුලාසිවලට අනුව මිනුවන්ගොඩ දී ඊයේ (27) සවස සිදු කෙරිණී.

COMMENTS
පව්.... ඔබතුමියට නිවන් සුව අත්වේවා...
ඔබතුමියට අජරාමර නිවන් සුව
ඇය උපරිම කැපකිරීමක් කර තිබුණි. පවුලට අපගේ බලවත් කණගාටුව.
නිවන් සුව ලැබේවා....!!
ඔබතුමිය අමාමහ නිවනින් නිවී සැනසෙත්වා !
අනෙක් අයගේ ජිවිත බේරාගන්න ඔබ දිවිපරදුවට තබා කල කැපවීම ඉතා පිං.
ලෙඩුන් කියන්නේ ඒ අවස්ථාවේදී අසරණයන්. අසරණයන් හට පිහිටවීම බුදු ගුණයක්. ඒ වගේම මහත්ඵල මහානිශංස ගෙනදෙන කුසල කර්මයක්. ඒ කුසල කර්මය කරගත්තා වූ ඔබතුමියට අමා මහ නිවන් සැප ලැබේවා ... !!!
හෙදියක් නිසා එන්නත් දෙකම අරන් ඇති කෙනෙක් නේද. කණගාටුදායක පුවතක්. උතුම් රෝගී සත්කාර මෙහෙයේ යෙදුනු ඔබට නිවන් සුව පතමු.
මේ වීර මාතාවට අපගේ ගෞරවය පුද කරමු.
අවංක සිතින් ජනතාවට සේවය කරන හොඳ මිනිස්සු අකාලේ මියැදෙනවා.. කිසිම සේවයක් නොකර ජනතා මුදල් කාබාසිනියා කරකර මහජන මුදල් කොල්ලකන අය තාම යහතින්...!!! මොන ලෝක ධර්මතාවයක්ද මේක?
මැරෙන හැමෝටම නිවන් සුව පතන්නේ නැතිව ලෙඩේ පතුරවලු නායකයින්ට සාප කරන්න.