(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,841 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 14 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර 06 දෙනෙක් ද ඒ අතර වෙති.
එමෙන්ම පිරිමි අය 10 දෙනකු සහ කාන්තාවන් 10 දෙනකු ද මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
COMMENTS
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්, ජාත්‍යන්තර ජාවාරමක්