
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 240 කි.
එම මරණ 8 න් එක් මරණය බැගින් ඉකුත් 6 වැනිදා සහ 7 වැනිදාද, මරණ 2 ක් 8 වැනිදාද, මරණ 3 ක් 10 වැනිදාද, සෙසු මරණය අද දිනයේද (11) සිදුවී තිබේ.



COMMENTS
එන පොට හොඳ නෑ වගේ...
කරුණාකරලා මිනිස්සුන්ගේ වැටුප් ටික ගන්න ඉඩ දීලා, මිනිස්සුන්ගේ ව්‍යාපාර ටික කරගන්න ඉඩ දීලා පෙර දැනුවත් කිරීමක් කරලා සති තුනක් දැන්වත් රට වසා දමන්න. මිනිස්සු ගැන නොහිතන මේ අය කොහොමද රෝහල් වල ලෙඩ්ඩු වැඩි වෙනකොට, මිනිස්සු අකාලයේ මියැදෙන කොට රටේ ආර්ථිකය ස්ථාවර කරගන්නේ. ඇයි මොවුන්ට බැරි කලින් වතාවේ වගේ මේ තත්වය පාලනය කර ගන්න මොවුන් ෆේල් වෙලාද?
ඉන්දියාවෙන් සහ යුක්රේනයෙන් මිනිස්සු ගෙනැවිත් අපේ රටේ ඇතිකළ නන්දසේනගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම‘‘