
කොරෝනා ආසාදිත තවත් මරණ දෙකක් ඊයේ (8) සහ අද (9) දෙදින තුළදී සිදුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කොළඹ 15 ප්‍රදේශයේ දින 20 ක බිළිඳකු ඊයේ දිනයේදී මියගොස් ඇති බවත්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු අද දිනයේදී මියගොස් ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ සඳහන් වේ.
මෙම මරණ 2 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 144 ක් දක්වා ඉහළ ගිය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


COMMENTS