
(පද්මා කුමාරී කංකානම්ගේ )
කතෝලික බැතිමතුන්ගේ නොමද ගරු බුහුමනට ලක්වන, ශ්‍රී ලංකාවේ ප්‍රකට කතෝලික දේවස්ථානයක් වන තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවර සීමිත බැතිමතුන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා නිවේදනය කර සිටියි.
දැනට රටේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය පදනම් කර ගනිමින් සෞඛ්‍ය අංශවල නිදේශයන්ට ගරු කිරීමක් වශයෙන් මෙම තීරණය ගත් බව පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
ඒ අනුව සාම්ප්‍රදායික කොඩි ගස එසවීම සහ දිනපතා නුවාන නොපැවැත්වේ. බැතිමතුන්ට පුදබිමේ කඳවුරු බැදීම ද සිදු කළ නොහැකි බවත් අගෝස්තු 2 වැනි ඉරුදින උදෑසන හතට සාම්ප්‍රදානුකූල මංගල්‍ය දේව මෙහෙය පැවත්වීමට නියමිතය.
හලාවත රදගුරු අති උතුම් දේව ධර්මාචාර්‍ය වැලන්ස් මෙන්දිස් සහ යාපනය රදගුරු අති උතුම් දේව ධර්මාචාර්‍ය ජෝෂප් ජස්ටින් යන රදගුරු වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වේ.
සිංහල සහ දමිළ බසින් පැවැත්වෙන මෙම දේව මෙහෙය සදහා සීමිත බැතිමතුන් පිරිසක් සහභාගීවනු ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.