කොරෝනා වයිරස ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ජපානයේ දෛනික ආසාදන 7,000කට වඩා වැඩි වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
රටේ ජනගහනයෙන් 30%ක් ආවරණය වන පරිදි ටෝකියෝ, කනගාවා, සයිටාමා සහ චිබා ප්‍රාන්ත වල මෙලෙස හදිසි අවස්ථාව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එය ජනවාරි 08වනදා සිට බලාත්මක වෙයි.
රටපුරා තත්ත්වය අවදානම් බවත් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවත් අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබේ.
ටෝකියෝවෙන් ඊයේ (06) දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 2,447ක් හමුවී ඇති අතර ඊට පෙර දිනයේ 1,591ක් හමුවි තිබිණ.
ජපානයෙන් මේ වනවිට හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 252,317ක් වන අතර මරණ 3,719ක් සිදුවි තිබේ.
ජපාන වැසියන් කොරෝනා සඳහා එන්නත් කිරීම පෙබරවාරි අග ආරම්භ කිරීමට නියමිතව ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
186
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත තුනකට හදිසි තත්ත්වයක් ප්‍රකාශකරයි