ජර්මනියට දැනට පනවා තිබෙන අගුළු දැමීම් සීමා තවදුරටත් දීර්ඝ කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
දැනට පනවා තිබෙන දැඩි සීමා මධ්‍යයේ වුවද දිගින් දිගටම වයිරස ආසාදිතයන් වාර්තා වීමත් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ඉහළ යෑමත් හේතුවෙන් මෙලෙස ලොක්ඩවුන් සීමා පැනවීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
ජර්මනිය යනු යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. ජර්මනියෙන් පළමු වරට දෙසැම්බර් 30 වැනිදා වයිරස ආසාදිත මරණ 1,000 ඉක්මවා වාර්තා වූ අතර ඒ අනුව එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි ජර්මානු ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
ජර්මනියෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 34,000 ඉක්මවයි.
ජර්මානු චාන්සල්ර් ඇන්ජෙලා මර්කෙල්, ජර්මනියේ ප්‍රාන්ත 16 නායකයන් සහ ප්‍රාදේශීය බලධාරීන් අද (5) හමුවීමට නියමිත අතර එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ජර්මනිය දැනට අර්ධ එහෙත් දැඩි ලොක්ඩවුන් සීමා පනවා තිබෙන අතර එම සීමා ජනවාරි 10 වැනිදායින් අවසන් වීමට නියමිත ය. කෙසේ නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී එම සීමා මේ මාසය අග දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනෙනු ඇතැයි වාර්තා වේ.
‘‘ආසාදිතයන්ගේ ගණන වැඩි වෙන නිසා අපට සීමා දීර්ඝ කරන්න සිදුවෙනවා’’ යැයි ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය යෙන් ස්පාන් පැවැසීය.
දැනට පවතින දැඩි සීමාවලට අනුව නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේදී පාසල්, ආපනශාලා, සංස්කෘතික සහ නිවාඩු නිකේතන, උද්‍යාන ඇතුළු කඩසාප්පු රැසක් වසා දමා තිබිණි. ඊට අමතරව නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේදී මහජන ඒක රැස්වීම් ද සීමා කර තිබිණි.
උත්සවයේ සංචාරක කටයුතු මහජනතාවගේ එක් රැස්වීම් යනාදිය නිසා කොතරම් පිරිසකට වයිරසය පැතිර ගොස් ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් කිව හැක්කේ ජනවාරි මාසයේ මැදභාගයේදී බවත් ජර්මානු බලධාරීහු කීහ. කෙසේ නමුත් දැනට ලැබී තිබෙන සංඛ්‍යා දත්ත කනස්සල්ලක් ඇති කරන බව ද ඔවුහු පැවැසූහ.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජර්මනියේ අගුළු දැමීමේ සීමා දීර්ඝ කරයි
රුවනි Tuesday, 05 January 2021 08:49 AM
ඇත්තටම හරිම අමාරු කාලයක්. අපි ජීවත් වන රට, ඉතාම හොඳ, දක්ෂ, අවංක පාලකයන් ඉන්නේ!