
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
කිහිපදෙනකු කොරෝනා රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු උදෙසා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂාවක දී මේ බව අනාවරණ වී ඇත.
ආසාදිත රෝගීන් මේ වන විට ප්‍රතිකාර සඳහා කන්දකාඩු, පූනානි හා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන යොමු කර ඇත.
තවත් නිලධාරීන් පිරිසකට පි සි ආර් පරීක්ෂණ සිදු කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.