
(ඩයනා උදයංගනී)
කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක් ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත. එහි වාට්ටු ලිපිකාරිනියක් ලෙස සේවය කළ මතුගම පදිංචි ගීතිකා විජේසූරිය මහත්මිය මෙසේ කොවිඩ් ආසාදනයවීමෙන් මරණයට පත්ව ඇති අතර ඇය 52 හැවිරිදි දෙදරු මවකි.
එය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මරණය ද වේ.
ගීතිකා විජේසූරිය මහත්මිය කොවිඩ් ආසාදනය වී මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) මරණයට පත්වී ඇත.
ඇය රෝහලේ වාට්ටු ලිපිකාරී සංගමයේ සභාපතිනිය ලෙස ද කටයුතු කළාය.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු 324ක පමණ පිරිසක් කොවිඩ් ආසාදිතව සිටින බව ද වාර්තා වේ.
ඒ අතර හෙද හෙදියන් 100ක් පමණ සිටින බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd