(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරන විකිරණ තාක්ෂණවේදීන් අට දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇති අතර තවත් දෙදෙනකු නිරෝධායනයට ලක්කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පවසයි.
මේ වන විට විකිරණ තාක්ෂණවේදීන් 10 දෙනකුගේ සේවය අහිමිවීම නිසා පරික්ෂණ කටයුතු නිසියාකාරව කර ගැනීමේ අපහසුතාවක් මතුව ඇතැයි ද ලේකම්වරයා කීවේය.
කොළඹ ජාතික රෝහලට විකිරණ තාක්ෂණවේදීන් 124 දෙනකු අවශ්‍ය නමුත් සේවය කරන්නේ 68 දෙනකු පමණක් බව ද කොවිඩ් හේතුවෙන් මේ වනවිට එම සංඛ්‍යාව ද 58 දක්වා අඩු වි ඇතැයි ද ධර්මකීර්ති ඈපා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසාධිත වූ විකිරණ ශිල්පින් එන්නත් කරගෙන නැද්ද?