IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික රෝහලේ තිදෙනකුට කොරෝනා



(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.
         
ඒ හේතුවෙන් ඔවුන් සේවය කළ බව කියන අංක 2, අංක 3 සහ අංක 69 යන වාට්ටුද, ශල්‍යාගාරයක්ද තාවකාලිකව වසා දමා  තිබේ. එම වාට්ටුවල සහ ශල්‍යාගාරයේ සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයද, රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.



අදහස් (3)

ජාතික රෝහලේ තිදෙනකුට කොරෝනා

kamal perera Saturday, 10 October 2020 03:33 PM

මෙච්චර අයට හැදෙනකන් අර ෆැක්ටරි එකේ පාලනාධිකාරිය බලන් හිටි නිසා අනිවාර්යයෙන් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. අර සුපවයිසර් බලෙන්ම ඉස්පිරිතාලෙට ගිය නිසා මේක මෙහෙම වත් අහුවුණා. නැත්නම් රටටම බෝවෙලා තමයි පස්ස බලන්නේ...

:       0       0

Champa Saturday, 10 October 2020 04:19 PM

පානදුර රෝහලේ ප්‍රවෘත්තියටත් ලිව්වා. කොරෝනා කියකියා ඉන්න. මෙන්න භයානකම ප්‍රවෘත්තිය. මම වේලාසනම කිව්වා මහා කලබලයකින් 20 ගේන්නේ ඇමරිකන් ජනාධිපතිවරණයට කලින් එම්සීසී ගිවිසුම අත්සන් කරන්න කියලා. හරියටම හරි. දැන් ඔක්තෝබර් 28 ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ලංකාවට එනවලු. මොකොටද? වෙන මොකොටද, 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තට පස්සේ, ජනාධිපති එක්ක එම්සීසී ගිවිසුම අත්සන් කරන්න!!! පොම්පේයෝ මුලින් ඉන්දියාවට ඇවිල්ල ඊට පස්සේ ලංකාවට එනවා. ගිය පාරකුත් මෙයා මෙහෙම එන්න ආවා. දැන් පේනවනේ එක පාරට කොරෝනා ආවේ කොහොමද කියලා...? ලංකාවේ ඉන්න සියලු සිංහයින්ට කියන්නේ. නැගිටපල්ලා!!! සිරිසේන රනිල් හරහා ලංකාව බිලිගන්න ඇමරිකන්කාරයෝ මහින්දව පරද්දපු වෙලාවේ සිංහල සිංහයෝ නැගිට්ට විදිහටම, නැවත ඇමරිකාව, ඇමරිකන් පුරවැසියෙක් ලව්වා ලංකාව බිල්ලට ගන්න හදන එකට එරෙහිව නැගිටපල්ලා. කළු කොඩි ඔසවමු. ඇඳිරි නීතිය දාන්නත් ඉඩ තියෙනවා. මේ වගේ ජාතිද්‍රෝහීන්, දේශද්‍රෝහීන් බලයට ගෙනාපු හාමුදුරුවරුත් දැන්වත් අවදිවෙමු. කොරෝනා ආවේ මොකටද කියලා දැන් තේරෙනවා නේද?

:       0       0

Champa Saturday, 10 October 2020 04:28 PM

ඒ විතරක් නෙමෙයි හොඳම එක මේක. 20වෙනි සංශෝධනය, ඔක්තෝබර් 28ට ඉස්සෙල්ලා සම්මත කරගත්තාට පස්සේ, ජනාධිපතිවරයා නැවත ඇමරිකන් වෙනවා. 20 වෙනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන වගන්තිය දැම්මේ.. එම්සීසී ගිවිසුම අත්සන් කරන්න ඉස්සෙල්ලා ජනාධිපතිවරයාට "සම්පූර්ණ ජනාධිපති මුක්තිය" එක්කම නැවත ඇමරිකන් පුරවැසිකම ගන්න. ඒ කියන්නේ ජනාධිපතිවරයා ඔක්තෝබර් 28 රට පාවා දෙන ඇමරිකන් ගිවිසුම මයික් පොම්පේයෝ එක්ක අත්සන් කරන්නේ ඇමරිකන් පුරවැසියෙක් විදිහට... දැන් සැපද, හාමුදුරුවනේ? ඔබට සතුටුද, සිංහලයිනි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31267 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13454 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10986 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 92 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site