( ප්‍රසංග පෙරේරා)
කොවිඩ් 19 ආසාදිත කොන්දොස්තර මහතකු හමුවීම හේතුවෙන් ජා-ඇල ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝව අද(05) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ජා-ඇල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා කීවේය.
මේ අනුව එම ඩිපෝවෙහි සේවය කල 153 දෙනකු නිරෝධායනය ට ලක් කර තිබේ.
ජාඇල රාගම 376 බස් මාර්ගයේ ධාවනය කල බස් රථයක රියදුරු මහතකුට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී තිබිණි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පවසා සිටියේ ජනවාරි පලමුවනදා සිට ජා-ඇලින් පෙ.ව 6.30 / 9.30/11.30 ප.ව2.00,/5.00 යන වේලාවන් හිදී ගමන් ගත් මගීන් හා රාගමින් පෙ. ව .7.50/10.30/12.30 ප.ව 3.50/5.50 යන වේලාවන් හී ගමන් ගත් මගීන් ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙසයි.
එහමන්ම යම් අයෙක්ට කොවිඩ් රෝග ලක්ෂණයක් ඇතොත් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් දැනුවත් කරන ලෙසද ධනංජය හේරත් මහතා ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd