(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල කලේගානේ පාසලක ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුගේ පියා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම පාසලේ පන්තිකාමර දෙකක් අද (19) වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස වසා දමා ඇත්තේ 01 වැනි ශ්‍රේණිය හා 05 වැනි ශ්‍රේණියයි.
ආසාදිත පුද්ගලයා මාතර යටියන ප්‍රදේශයේ රජයේ කාර්යාලයක නිලධාරියෙකි. අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් ඔහු ආසාදිත බව තහවුරු වී ඇත.
ඒ පිළිබඳ විද්‍යාලයට දැනුම් දී ඇත්තේ ඊයේ (18) සවස බවත්, එම දරුවන් දෙදෙනා පෙරේදා (17) පාසලට පැමිණ ඇති බැවින් අද (19) පාසලට පැමිණි එම පන්ති දෙකෙහි සිසුන් ආපසු හරවා යැවූ බව ද විදුහලේ ප්‍රකාශකයෙක් කීවේය.
පන්ති දෙකෙහි ගුරුවරුන් සහ එම දරුවන් දෙදෙනාගේ ආශ්‍රිතයන් වූ අනෙක් සිසු සිසුවියන්ට ද නිවෙස්වලම සිටින ලෙස උපදෙස් ලබා දී ඇත.
COMMENTS