(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි රැඳවියන් අලුයම 5.45 ට පමණ ගමන්ගත් පොළොන්නරුවෙන් ධාවනය වු අංක NB 9268 දරණ බස් රථයේ ගමනගත් මගීන්ට ස්වයං නිරෝධායනය වන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.


මෙම බස් රථය පොළොන්නරුව - මාතර සදහන් නාම පුවරුවක් සවිකරගෙන කොළඹ බලා ධාවනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

රැදවියන්  පිරිස මෙම බස් රථයේ නැගී  කුරුනෑගල  දක්වා ගමන් කර ඇති බවද  අජිත් රෝහණ මහතා කියාසිටියේය.  

මෙම බස් රථයේ ගමන් ගත් පිරිස්  වෙතොත් ඔවුන් සියලු දෙනා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ස්වයං නිරෝධායනය වන ලෙසට දැනුම් දෙන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.