IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ගෝලීය කොරෝනා මරණ මිලියනයක් බව රොයිටර් කියයි

ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන රොයිටර් ගණන් බැලීමට අනුව අද (29) මිලියනය ඉක්මවා ගියේය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වයිරස වසංගතය ලොව පුරා පැතිර යෑම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ය.

මෙම ගෝලීය වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වුණු අතර සෞඛ්‍ය පද්ධති අර්බුද රැසකට මුහුණ දුන්නේ ය. එපමණක් නොව මිනිසුන් ජීවත්වන ආකාරය සම්පූර්ණයෙන් ම වෙනස් කළේය.

ඉකුත් මාස 10කට ආසන්න කාලයේ දී නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන වසරක දී මැලේරියාව හේතුවෙන් මරණයට පත්වන ගණන මෙන් දෙගුණයකි. එමෙන්ම ඇතැම් රටවලින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී නව කොරෝනා වයිරස අනුපාතය ඉහළ ගොස් ඇත.

“අපේ ලෝකය මහත් වේදනාකාරී සන්ධිස්ථානයකට ඇවිල්ලා” යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“මේක අපේ ඔළුව අවුල් කරන ගණනක්. එහෙම වුණත් අපි අපේ ජීවිතවල හිටපු මිනිස්සු අමතක නොකළ යුතුයි. ඔවුන් අපේ අම්මලා තාත්තලා, බිරින්ඳෑවරුන් හා ස්වාමිපුරුෂයන්, සහෝදර සහෝදරියන්, හිත මිතුරන්, සමීපතමයන්, ඥාතීන්” යැයි ද හෙතෙම කීය.

නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ලක්ෂ පහේ සිට ලක්ෂ දහය (මිලියනය) දක්වා වාර්තා වීමට ගත වී ඇත්තේ මාස තුනක් පමණි. ඒ අනුව මරණ අනුපාතය වැඩි වීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති. මුල්ම නව කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වූයේ චීනයෙනි. ඒ මේ වසරේ ජනවාරි මස මුලදී ය.

සැප්තැම්බර් මාසයේ දත්ත භාවිත කරමින් රොයිටර් පුවත් සේවය කරන ලද ගණනය කිරීම්වලට අනුව සෑම පැය 24 කදී ම ලොවපුරා 5,400කට වැඩි පිරිසක් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්වෙති. එම ගණන සැප්තැම්බර් මාසයේ සාමාන්‍යයකි. මෙලෙස මරණ වැඩිවීමෙන් අවමංගල්‍ය ව්‍යාපාරවලට ද දරා ගැනීමට නොහැකි පීඩනයක් එල්ල වී තිබෙන අතර සුසාන භූමිවල ඉඩකඩ සම්බන්ධයෙන් ගැටලු ඇති වී තිබේ.

රොයිටර් පුවත් සේවයේ ගණනය කිරීම්වලට අනුව පැයකට පුද්ගලයන් 226 දෙනකුත් තත්පරයකට එක් පුද්ගලයකුත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත් වේ. එපමණක් නොව පාපන්දු තරගයක් නැරඹීමට ගතවන මිනිත්තු 90ක කාලය තුළදී සාමාන්‍යයක් ලෙස නව කොරෝනා වයිරසය හේතුවෙන් පුද්ගලයෝ 340 ක් මරණයට පත්වෙති.

 

රොයිටර්

 

055

 



අදහස් (0)

ගෝලීය කොරෝනා මරණ මිලියනයක් බව රොයිටර් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site