
(තිලකරත්න දිසානායක)
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව කියන, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය.
මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් එම සේවිකාවන්ට ප්‍රතිකාර ලබා දී ඇති බව අනාවරණය වී ඇත.
ආසාදිත වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා අයි.ඩී.එඩ් රෝහල් වෙත යැවීමට පියවර ගත් බව ද ඉලේපෙරුම මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd