( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1242 වාර්තාවන බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 66,440 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් හමුවීම බියගම කොට්ඨාසයෙන් - 156 ක්, වත්තල - 145 ක්, ගම්පහ - 135 ක්, මිනුවන්ගොඩ - 89 ක්, දොම්පෙ - 82 ක්, මීරිගම - 81 ක්, කැලණිය සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් - 80 දෙනකු බැගින් , කටාන - 66 ක්, දිවුලපිටිය - 56 ක්, අත්තනගල්ල - 50 ක්, ජාඇල - 41 ක්, සීදූව - 25 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් එක් අයකු වශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයෙහි කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයන් 51 දෙනකු හමුව ඇති අතර පැය 24 ක් තුල ආසාදිතයින් 499 දෙනකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් ගත කොට ඇති කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 161 දෙනෙකි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,284 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර දින ලංකාවෙන්ම වාර්තා වෙන්නේ 2,150 යි. මේ පුවතේ හැටියට ගම්පහින් විතරක් 1,242 යි. එතකොට අනික් දිස්ත්‍රික්ක 24න් ම 908යි ද?. මුළු ගණන මීට වැඩි ඇති. මේ ගැන සොයා බලනන