
(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් 08 දෙනෙකුට සහ ගුරුවරුන් 03 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විම නිසා එම සිසුන් අධ්‍යාපනය ලබන 10 සහ 11 පන්ති තාවකාලිකව වසා දමා මුළු පාසලම විෂබිජහරණයට ලක් කළ බව එම පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය.
පාසල් ළමුන් පිරිසකට සහ ගුරුවරුන්ට වෛරසය අසාදනය වු නිසා අද (18) දින පාසලට ළමුන් 150 දෙනෙකු පමණ පැමිණි බවත්, ඉන් රෝග ලක්ෂණ සහිත සිසුන් පිරිසක් ආපසු නිවාස කරා යොමු කල බවත්, පාසලේ ගුරුවරුන් 63 දෙනෙකු පමණක් (18) දින පාසලට පැමිණ ඇති බවයි විදුහල්පතිවරයා කීවේය.
පාසලට නොපැමිණි ළමුන් වෙනුවෙන් සුම් තාක්ෂණය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කිරිමට පියවර ගෙන ඇති බවත්, අසාදිත ළමුන් සහ ගුරුවරුන්ගේ ළගම ආශ්‍රිත සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බවද විදුහල්පතිවරයා පැවසිය.
පාසලේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද විධිමත් කර ඇති බවත්,අසාදිත ළමුන්ගේ ළගම ආශ්‍රිත ළමුන් 500 දෙනෙකු පමණ නිවාස වල රදවා ඇති බවද විදුහල්පතිවරයා පැවසිය.
COMMENTS
ආයෙත් බොරුව පටන් ගත්තා.අසනීප අයවලුන් ගිහිල්ලා බෙහෙත් අරගන්න , මොකටද පාසල් වහලා දැම්මේ?කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්
මලල ක්‍රීඩා උත්සවයක් තියලා, මලල ක්‍රීඩා පොකුර හැදුන බව සඟවන්නේ ඇයි? මේ මලල ක්‍රීඩා පවත්වන්න සුදුසු කාලයක් නොවෙයි.