(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ 612 දෙනෙකු වන වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මින් වත්තල කර්මාන්ත ශාලාවකින් හමුවූ ආසාදිතයින්ද සමග 173 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇත.
දිස්ත්‍රික්කයෙහි සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ආශ්‍රිතව අද උදෑසන වනවිට ගතවූ පැය 24 තුල ආසාදිතයින් හමුවීම , බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් - 65 දෙනෙකු , මහර - 58 ක්, කැලණිය - 45 ක්, අත්තනගල්ල - 43 ක්, මීරිගම - 36 ක්, දිවුලපිටිය - 35 ක්, මිනුවන්ගොඩ - 34 ක්, දොම්පෙ - 28 ක්, ජාඇල - 24 ක්, කටාන - 25 ක්, ගම්පහ - 20 ක්, සීදූව - 16 ක්, රාගම - 11 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් තිදෙනෙකු වශයෙන් හමුව ඇත.
මෙම ආසාදිතයින් වාර්තාවීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ අනුව 551 දෙනෙකු සහ රෝහල් ආශ්‍රිතව සිදු කළ පරීක්ෂණ අනුව 61 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ ආයෝජන කලාපයන්ට අයත් නොවන කර්මාන්තශාලා ආශ්‍රිතවද වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති අතර එය 139 දෙනෙකි.
අද උදෑසන වනවිට දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 48,028 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,503 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයෙහි පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,09,624 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd