(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
මින් 88 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හමුව ඇත්තේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම කැලණිය - 79 ක්, වත්තල - 76 ක්, බියගම - 70 ක් , මීරිගම - 47 ක්, දොම්පෙ - 34 ක්, මිනුවන්ගොඩ - 25 ක්, දිවුලපිටිය - 23 ක්, රාගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් 22 ක් බැගින්, අත්තනගල්ල - 20 ක්, ජාඇල - 14 ක්, සීදූව - 13 ක්, මීගමුව - 7 ක් සහ කටාන සිව් දෙදෙනෙකු වශයෙන් සිදුව ඇත.
ගතවූ පැය 24 තුල ආසාදිතයින් 309 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර මින් 71 දෙනෙකු වන වැඩි පිරිසක් වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානට ඇතුලත් කොට ඇති බවත් ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 156 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති බවත් අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය.
එම කාලය තුල ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,141 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd