( සුදත් එච්. එම්. හේවා)
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
පසු ගිය දිනවලදි ගන්නා ලද අහඹු හා පසු ගිය දිවලදි හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ පි. සි. ආර්. වාර්තා කොටසක් ලැබිමත් සමග මෙම නව ආසාදිතයන් හමුව ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
මෙම නව කොවිඩ් ආසාදිතයන් හැටන්, වටවල, ලක්ෂපාන, පොල්පිටිය, කෙනිල්වර්ත් යන ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
COMMENTS