
(මලීෂා ගුණවර්ධන)
කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින මහජනතාව වෙනුවෙන් හෙට (20) දිනයේ සිට විශේෂ ගිලන් රථ සේවාවක් හා විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අද (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කීය. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
"කොවිඩ් රෝගීන් 325 ක් ඊයේ දිනයේ වාර්තා වුණා. ඉන් බහුතරයක් වාර්තා වුනේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්. රෝගීන් 385 ක් රෝගය සුව වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ දිනය තුල පිටව ගොස් තිබෙනවා. එමෙන්ම මරණ 3 ක් වාර්තා වී තිබෙනවා."
"කොළඹ මහනගර සභා සීමාව තුළ හුදෙකලා කර ඇති ප්‍රදේශ තුලින් වැඩිපුරම ආසාදිතයික් වාර්තා වී තිබෙන බැවින් එම හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල කිසියම් හෝ රෝගීන් සිටිනවා නම්, ඔවුන්ට රෝහලකට ඒ්මට අවශ්‍යතාවයක් තිබෙනවා නම් එම අවශ්‍යතාවය සදහා මෙම ගිලන් රථ සේවාව මීතොටමුල්ල විද්‍යාලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක ස්ථාපිත කර තිබෙනවා."
"මෙම ගිලන් රථ සේවාව 011- 3422558 අංකය අමතා ලබා ගත හැකිවනවා. කිසියම් රෝගියෙකුට 1990 ගිලන් රථ සේවාව ලබාගැනීමට අපහසු නම් මෙම සේවාව භාවිත කර කඩිනමින් රෝහලක් වෙත පැමිණිය හැකියි."


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.