(සුමිත් ප්‍රේමතිලක) 

කළුතර තිස්ස මධ්‍ය විදුහලේ 50 දෙනෙකු සදහා අද (25)  කළ  ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ වලින් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට තහවුරුව ඇතැයි කළුතර සෞඛ්‍ය අංශ ප්‍රකාශයකයෙක් පැවසීය .

තූර්ය වාදක කණ්ඩායම් සිසුන් හයදෙනෙකු , ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හයදෙනකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඒ අතර වන බව පැවසේ .

ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ තූර්ය වාදක කණ්ඩායමේ සිසුවෙකුට වෛරස් ඒ වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අද දිනයේදී මෙසේ ක්ෂණික ප්‍රතිදේහ ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ බැව පැවසේ.

ආසාදිතයින් සියලු දෙනා  නිවෙස් වල නිරෝධායනයට ලක්කර ඇති අතර , ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සොයා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව විදුහල් ප්‍රකාශකයෙක්