IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කහවත්තේ නිවාස 4 ක් : වෙළඳසැල් 2 ක් නිරෝධායනයට

(ලසන්ත නිරෝෂණ පෙරේරා , ඉන්දික නිරෝෂණ )                                

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ  නිලධාරීයකු කහවත්ත ඇන්දානේ  පිහිටි  තම බිරිඳගේ නිවෙසට  පැමිණ දින කීපයක් ගතකිරීමෙන් ප්‍රදේශයේ  නිවෙස් හතරක සාමාජිකයින්  සහ වෙළෙදසැල දෙකක හිමිකරුවන්  ස්වයං  නිරෝධායනයට ලක් කිරිමට  කහවත්ත සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පියවර ගනු ලැබීය.   

අද  කහවත්ත  සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිමල් විජේසිංහ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එම ප්‍රදේශයට ගොස් නිවෙස් හතර සහ වෙළෙඳසැල් දෙක නිරෝධායනයට ලක් කළහ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනයේ  සිට මුලින් පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ  තම නිවෙසට පැමිණි මොහු පසුව බිරිඳගේ  කහවත්ත ඇන්දාන ජම්බුගස්ගුලන නිවෙස  වෙත ගොස් දින කිපයක් ගත කර ඇතැයි හෙළි වි තිබේ.                      

ඔහු නාරංගොඩ නිවසේ ද දින කිපයක් ගත කිරිමෙන් එම නිවසේ පදිංචි ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාද නිරෝධායනයට ලක් කරනු ලැබුවේ ඉකුත් 10 වනදාය.                                                        

කහවත්ත  ඇන්දාන ජම්බුගස්ගුලන ප්‍රදේශයේදි මෙම පුද්ගලයා සමීපව ඇසුරු කළ පවුල් හතරක පදිංචි නිවාස ද එම ආශ්‍රිතයින් ආගිය  ගබ්බෙල මාර්ගයේ වෙළෙද සැල් දෙකක සාමාජිකයින් 18 දෙනෙකු නිවාස නිරෝධනයට යොමු කර තිබේ.                                      

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ මෙම නිලධාරීවරයා පි.සි.ආර් පරික්ෂණයට යොමු කර ඇති බවත් මෙතෙක් ඔහුට කොව්ඩ් 19 වයිරසය ආසාදිත බවට තහවුරු වි නැති නමුත් මහජන සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම නිරෝධායන කටයුතු සිදු කළ බව කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිමල් විජේසිරි මහතා පැවසීය .                           



අදහස් (0)

කහවත්තේ නිවාස 4 ක් : වෙළඳසැල් 2 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 515 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site