
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කහතුඩුව කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා ආසාදනයවීම හේතුවෙන් එම ස්ථානයට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණි 125දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට අද (29) පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.කේ.එම්, ප්‍රභාත් මහතා පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන කහතුඩුව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන කොරෝනා ආසාදිත පුද්ගලයකු කොන්ඩය කැපීමට මෙම ස්ථානයට පැමිණීම හේතුවෙන් එහි කරණවෑමියාට රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කීය.
එම මාළු ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ඉකුත් 23 වෙනිදා පැවැති අතර ඒ සඳහා 21 සහ 22 යන දිනවලදී එහි පැමිණ ඇතැයි පැවසේ.ඒ අනුව ඉකුත් 26 දා මාළු ව්‍යාපාරිකයා ආසාදනය වීමෙන් පසුව මෙම සැලූන් ආයතනයේ හිමිකරු ද 27 දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එහි වාර්තාවට අනුව ඔහුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.
එසේම 28 හැවිරිදි ආසාදිත කරණවෑමියා පදිංචි හොරණ ප්‍රදේශයේ නිවස ඇතුළු ස්ථාන 4ක් නිරෝධායනයට ලක් කරන ලෙසට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කළ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.