IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නෙළුව සතිපොළේ 11ට කොරෝනා

 (ජේ.කේ.එල් චාමින්ද)
 
නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 11 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට  ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදි  තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
 
නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 92 නෙකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලට ලක්කළ බවද ඒ මහතා පවසයි. පිරිමි 07 දෙනෙකුට හා කාන්තාවන් 04 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇත. 
 
නෙළුව කොරෝනා පොකුර 38 දක්වා ඉහඅළ ගොස්  ඇති බවද හෙතෙම පවසයි. මීට අමතරව නෙළුව රෝහලේ කාර්යමණ්ඩල 27 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිදු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි. නෙළුව රෝහලේ ප්‍රධාන හෙදි නිලධාරිණියට කොරෝනා ආසාදනය විමත් සමග රෝහල් කාර්යමණ්ඩලයේ 27 දෙනෙකු පි.සි ආර් පරික්ෂණවලට ලක්කරණු ලැබීය.
 
එමෙන්ම කොරෝනා ආසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 52 නෙකු ද පි.සි ආර් පරික්ෂනවලය ලක්කොට ඇත.  ඒ අනුව පි.සි ආර් පරික්ෂණ හා ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණ 171ක් ඉකුත් 16 වැනිදින සිදුකොට ඇති අතර එවායේ ප්‍රතිපල ඊයේ (18) රාත්‍රි ලැබුණු බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 



අදහස් (0)

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නෙළුව සතිපොළේ 11ට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site