
(හර්ෂණ තුෂාර සිල්වා)
‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට මෙරට ලක්ෂයකට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
ඒ අනුව මෙරට එන්නත ලබා දී ඇති මුළු ගණන 118,767 බවද එම ඒකකය සඳහන් කරයි.
වවසංගත රෝග විද්‍යා ඒකකයට අනුව අද (2) දිනයේ දී පමණක් ‘කොවිඩ්-19’ එන්නත ලබාදුන් ගණන 23,217 කි.
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ දෙවැනි දිනයේ දී 32,539 දෙනකුට සහ තෙවැනි දිනයේ දී 21,329 ලබාදුන් බව ද එම ඒකකය පවසයි.
මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනයේ දී මුල් පෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 5,286 දෙනකුට එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ සමත් විය.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ද නිෂ්පාදනය කරන අතර මෙරට ගෙන්වන ලද්දේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නතය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.