
කොවිඩ් -19 ආසාදිතයින් 14 දෙනෙකු අද (22) මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කුවේට් සිට පැමිණි 7 දෙනෙකු , සෞදි ආරාබියේ සිට පැමිණි තිදෙනෙකු , එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු සහ ඉන්දියානු ජාතිකයෙකු අද හඳුනාගත් ආසාදිතයන් අතර වනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ද අද ආසාදිතයෙකු හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,313 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 182 කි .


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.