IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් බණ්ඩාරගම කර්මාන්ත ශාලාවක් වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක් බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ යෙදෙමින් සිටීමෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලික වසා දමා එහි ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් 64 දෙනෙකු  ස්වයං නිරෝධනයට ලක් කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යු. මධුෂාන් මහතා පැවසීය.

එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් කීපදෙනෙකු විවිධ රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවට බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා  රත්නවීර මහත්මියට  ලද තොරතුරක් අනුව එම කර්මාන්ත ශාලාවේ සේවය කළ ආසාදිත කාන්තාව ඇතුළු තවත් සේවක සේවිකාවන් තිදෙනෙක් ඉකුත් දෙවෙනිදා පීසීආර් පරීක්ෂණ ට භාජනය කළ බව මධුෂාන් මහතා කීය.

එලෙස පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ එම සේවක සේවිකාවන්ට වෛද්‍ය වාර්තා ලැබෙන තෙක්  ස්වයං  නිරෝධානය යෙදෙන ලෙසත් උපදෙස් ලබා දී එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට ද ඔවුන්ව සේවය සඳහා නොකැඳවන ලෙස වැඩිදුර උපදෙස්  ලබාදී  තිබූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
 
පීසීආර් පරීක්ෂණයට භාජනය කළ එම තිදෙනාගෙ වෛද්‍ය වාර්තා අද දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලැබී තිබූ අතර ඉන් එක් අයකුට වෛරසය ආසාදිත බවට  තහවුරු වීමෙන් පසුව එම කාන්තාවගේ ජංගම දුරකථන අංකයට සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් ඇමතීමෙන් අනතුරුව ඇය එම අවස්ථාවේ කර්මාන්ත ශාලාව තුළ සේවයේ යෙදෙමින් සිටින බවට හෙළි වී ඇත.
               
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම කර්මාන්ත ශාලාව වෙත ගොස් සෞඛ්‍ය නීතියට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පාලනාධිකාරියට කරුණු වටහා දී එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.  

ආසාදිත සේවිකාව ගාල්ල ආරච්චි කන්ද ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.



අදහස් (0)

කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් බණ්ඩාරගම කර්මාන්ත ශාලාවක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 96 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site