IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


කෝවිඩ් අර්බුදයෙන් රටට වුණු හානිය යුද්දෙන් වුණ හානියට වඩා විශාලයි

 

කොවිඩ් -19 අර්බුදය හේතුවෙන් රටට වූ හානිය යුද්ධයෙන් වූ හානියට වඩා බරපතල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පැවසීය.
 
කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය. ඒ මහතා මෙසේද කීය.
 
"අපිට දැන් දෙපැත්තක වගකීමක් ඉතිරිවෙලා තියෙනවා. එකක් තමයි 2015න් පස්සේ බිඳදාපු රට ආයේ ගොඩනඟන එක. අනෙක් අර්බුදය තමයි ලෝකෙටම මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන කොවිඩ් -19 අර්බුදයට මුහුණදෙමින් මේ රට ඉදිරියට ගෙනයන එක.
 
කොවිඩ් -19 අර්බුදය නිසා රටට වෙච්ච හානිය යුද්දෙන් වෙච්ච හානියටත් වඩා බරපතළයි. මේ රටට ලොකුම ආදායම ගෙනාවේ විදේශගත ශ්‍රමිකයන්. ඒ අයගෙන් මාසිකව ලැබුණු ආදායම නතර වුණා. ඒ අයව ලංකාවට ගෙන්න ගන්නත් සිද්ධ වෙලා. ලක්ෂ ගණනක් ජීවත්වුණ, සංචාරක ව්‍යාපාරය අඩපණවෙලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තය එක සතියකදි ආපස්සට කැරකුණා. ධීවර කර්මාන්තය එක රැයින් බිඳවැටුණා. ප්‍රවාහන සේවාව බිඳවැටිලා ඒවායින් ජීවත් වුණ දහස් ගණන් ජනතාව අසරණ වෙලා. පේමන්ට් එකේ බඩු විකුණන වෙළෙන්ඳාගේ ඉඳන් සුපිරි වෙළෙඳසැල දක්වා කඩාවැටුණා.
 
විදේශගත ශ්‍රමිකයන්ගෙ ආදායම් නැතිවුණත්, සංචාරක කර්මාන්තයේ ඉඳන් ධීවර කර්මාන්තයේ ඉඳන් ප්‍රවාහනය ආදියෙන් දෛනිකව සියලු ආදායම් අහිමිවෙලා තිබුණත්, අපිට දවසකට PCR පරීක්ෂණ දහස් ගණනක් කරන්න මිලියන සිය ගණනක් වෙන් කරන්න සිදුවෙලා තියෙනවා. වෙන රටවල වගේ  දහස් ගණනක් රෝගීන් මැරෙන්න නොදී බේරගන්න සිදුවෙලා තියෙනවා. දහස් ගණන් නිරෝධායනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ තිබුණ සියලු ව්‍යාපාරවලට සහන දෙන්න සිද්ධවෙලා තියෙනවා. ආණ්ඩුවේ සේවකයෝ ලක්ෂ 15කට නියමිත වේලාවට පඩි ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යහපාලන ආණ්ඩුව ජංගම දුරකථනෙටත් අයකෙරුව 25% බද්දේ ඉඳන් ජනතාවට බලපාන බදු වර්ග 13ක් අතඇරලා, භාණ්ඩාගාරයට ලැබෙන්න තියෙන සියලු ආදායම් අතඇරලා තමයි අපිට මේ තරම් සහන දෙන්න සිද්ධවෙලා තියෙන්නේ.
 
කොඩිඩ් -19 වසංගතය ඉවර කරන ගමන්ම, අපි රට සියලු අංශවලින් ගොඩයන්න ඕන සියලු පියවර අරගෙන තියෙනවා. ඉරටුවත් මෙරටට පිටරටින් ගෙනාවා. සරුංගලයත් පිටරටින් ගෙනාවා. කොහු ඉදලුත් පිටරටින් ගෙනාවා. අපි අද ඒ සියල්ල නතර කළා. මැටි වළඳේ ඉඳන්, කහ පඳුරේ ඉඳන් ටයරය දක්වා අපේ රටේම හදාගන්න වැඩපිළිවෙළක් ආරම්භ කරලා ඉවරයි" යැයිද අගමැතිවරයා කීය.

 



අදහස් (10)

කෝවිඩ් අර්බුදයෙන් රටට වුණු හානිය යුද්දෙන් වුණ හානියට වඩා විශාලයි

De Wednesday, 18 November 2020 12:57 PM

බොරු කියලා බලයට ආවම, දේශපාලකයෝ කරන විනාශය ඔය ඔක්කෝටම වඩා නරකයි.

:       0       0

Demuni Uduwara Wednesday, 18 November 2020 01:27 PM

කොරෝනාවෙන් වූ හානියත් එක්ක යුද වියදම් මනින්න එපා...

:       0       0

Rata Perara Wednesday, 18 November 2020 01:48 PM

අනේ මේ බයිලා කියන්නේ නැතිව ඉන්න හොඳේ... වයසට මොලේ පැටලෙනවාද කොහේද? ගියපාර නන්දසේන මමයි වීරයා කියලා බයිලා කියනකොට ඒක හිතුණේ නැද්ද?

:       0       0

banda Wednesday, 18 November 2020 01:59 PM

රට ගොඩනගන්න මුදල් සොයාගන්න හැටි හරියටම ජනතාවට කියනවද?

:       0       0

Nuwan Wednesday, 18 November 2020 02:19 PM

අයියෝ අයියෝ 69 ලක්ෂයක් ගොනුන්...

:       0       0

Mohan Wednesday, 18 November 2020 02:28 PM

කෝවිඩ් 19 සඳහා ලෝක බැංකුවෙන් වෙන්කළ මුදලට මොකද වුණේ?

:       0       0

priyantha Wednesday, 18 November 2020 02:40 PM

‘‘කෝවිඩ් අර්බුදයෙන් රටට වුණු හානිය යුද්දෙන් වුණ හානියට වඩා විශාලයි‘‘ මේ නොකියා කියන්නේ රජයේ පරිපාලන ක්‍රියාකාරීත්වය සම්පූණයෙන්ම බිඳ වැටී ඇති බව නොවේද? ජනප්‍රිය වූ පමණින් රාජ්‍ය පාලනය කළ නොහැක. දුර පෙනෙන උගත් තරුණ සජිත්ට රට බාරදෙන්න.

:       0       0

ratavasiya Wednesday, 18 November 2020 02:53 PM

බොරු කියන්න එපා.

:       0       0

Ranasinghe Wednesday, 18 November 2020 03:39 PM

නමුත් එයට විකල්ප ලෙස පැරණි ලෙසම ජාවරම් කාරයන්ට කොටස් වෙළඳපළ හරහා රටේ සියලු ව්‍යාපාර වල බලය අයිතිකරගන්න ඉඩදීමත් එයට ඊටීඑෆ් සල්ලි දමා ඔවුන් පෝසත් කරන්නවත් යන එක නම් නෙවෙයි විකල්පය... ශක්තිමත් දැනුම සහිත විනයගරුක රාජ‍ය සේවයක් හා පුද්ගලික සේවයක්..

:       0       0

Demuni Uduwara Thursday, 19 November 2020 12:11 AM

යුද්ධයෙන් හානි වූ දේ එකතු වෙමින් පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2384 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1265 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2898 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1036 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 823 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1022 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 274 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 142 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 972 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site