
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ උපේන්ද්‍ර ප්‍රියංකර)
ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා කලවාන නගරයේ සියලුම වෙළෙද සැල් සහ ආයතන තාවකාලිකව වසා දැමිමට කලවාන ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව අද (10) පස්වරුවේ තීරණය කර තිබේ.
අද පස්වරු 6 සිට මෙම තීරණය ක්‍රියාත්මක කර ඇතැයි කලවාන සෞඛ්‍ය වෙද්‍ය නිළධාරී වෙද්‍ය නිලංග සෝමරත්න මහතා පැවසීය.
කලවාන නගරයේ අහඹු ලෙස ලබාගත් පි සි.ආර් පරීක්ෂණ දෙසියක ප්‍රතිඵල ලැබෙන තෙක් කලවාන නගරයේ සියලු වෙළඳ හා පුද්ගලික ආයතන අද (10) සවස 6 සිට වසා තැබීමට ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබේ.
කලවාන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී වෙද්‍ය නිලංග සෝමරත්න මහතා පැවසුවේ නගරය හුදෙකලා කිරිම හෝ සංචරණ සීමාවන් පැනවිමක් මෙයින් සිදු නොවෙන බවයි. කලවාන ප්‍රදේශයේ කොව්ඩ් ආසාදිත පිරිසකගේ සමිපතමයින් කණ්ඩායමක් පි සි ආර් පරික්ෂණ කිරිමටද නියමිත බවද වෙද්‍යවරයා පැවසිය.
අද (10) අහඹු ලෙස සිදු කළ පි සි ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි තීරණ ගනු ඇතැයි ද කලවාන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයා පැවසීය.
කලවාන නගරයේ සහ අවට පාසල් නවයක් වසා දැමිමට ද අද දහවල් තීරණය කර තිබුණි. ඒ අනුව කලවාන පාසල් 9 ක් නැවත දැනුම් දෙන තෙක් විවෘත නොකිරිමට තීරණය කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.