IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුලියාපිටිය නගර සභාවේ අංශයක් වසාදමයි


(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                            
       
කුලියාපිටිය නගර සභාවේ නිලධාරිනියකට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම නිලධාරිනිය සේවය කළ අංශය වසාදැමීමට අද(01)පියවර ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
 
එම අංශයේ සියලුම දෙනා ස්වයං නිරෝධායනයට යොමුකරවීමටත්, නිලධාරිනියගේ ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්‍ෂණ කරන තෙක් එම අංශය මුලුමණින් වසා දැමීමටත් පියවර ගෙන ඇත.
       
එහිදී සෞඛ්‍ය වෛද්‍ය උත්පල සංකල්ප මහතා උපදෙස් ලබාදුන්නේ ආසාධිත නිලධාරිනිය වෙනත් අයෙකු ආශ්‍රිතයෙකු නොවන පරිද්දෙන් නිවසට යොමුකරවීමටයි. එසේම සෙසු කාර්යාලයීය ආශ්‍රිතයින් ද පීසීආර් පරීක්ෂණයට ලක්කරන තෙක් නිවසට යායුතු ආකාරය හා නිවැසියන් සමගින් කටයුතු කළ යුතු ආකාරය එහිදී පැහැදිලි කළ අතර ආසාදිත නිලධාරිනිය සමඟ සබඳතා පැවැත්වූ නගර වැසියන් පිළිබඳවද මේ වනවිටත් කරුණු අනාවරණය කරමින් පවතී.
       
කුලියාපිටිය නගරසභාවේ සභාපති ලක්‍ෂමන් අධිකාරි මහතා පැවසූයේ මහජනතාව නිරන්තරයෙන් සම්බන්ධ වන එම අංශයේ වැඩ කටයුතු සෞඛ්‍ය අංශයේ උපදෙස් ලැබෙන තෙක් නවතා දැමීමට සිදුවන බැවින් ඒ පිළිබඳ කනගාටුව පළකරන බවය. එමෙන්ම අනෙකුත් අංශයන්හි රාජකාරි සිදුකරන නිසා සියලුම ගැටලු සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධවෙන ලෙස ඉල්ලීමක්ද කළ අතර ඉන් ලබාදියහැකි සේවාවන් ඉටුකිරීමට හැකිතාක් උත්සහ දරන බවද ඒ මහතා පැවසීය.



අදහස් (0)

කුලියාපිටිය නගර සභාවේ අංශයක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site