
(දිනේෂ් උපෙන්ද්‍ර)
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් කොරෝනා ආශ‍්‍රිත පුද්ගලයන් 73 වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවෙන් 43 දෙනකුට කොරෝනා ආසාධිත වී ඇති බවට තහවුරුකරගෙන ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
ඉන් බහුතර පිරිසක් කුලියාපිටිය එලතලව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මේ දිනවල එලතලව ප‍්‍රදේශයේ යම් අවධානමක් පවතින බවත් එම කාර්යාලයීය ආරංචි සඳහන් කරයි.
ඉකුත් දින කිහිපයේදීම ඇඹව හා එලතලව ආදී ප‍්‍රදේශයන්හි ආශ‍්‍රිතයන් වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරික්‍ෂාවන් අතුරින් හඳුනාගත් ආසාධිතයන්ගෙන් සියයට 72ක් පමණ එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අය බවද හඳුනාගෙන ඇති බවද සඳහන් කළ එම කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එන්නත් කරනයට ලක්වූවන් පවා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති මාර්ගෝපදේශ නිසි පරිදි ආරක්‍ෂා කර නොගතහොත් ඉදිරියේ ප‍්‍රථිපල භයානක වියහැකි බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.