IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කොරෝනා වළක්වන්න හැදූ දේශීය ඖෂධ කතානායකට පිළිගන්වයි

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් - 19 වයිරසය ආසාදිතයන්ට සහ එම වයිරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඖෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන බව දේශීය වෛද්‍ය, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
 
නිපදවූ එම ඖෂධ අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්වූ බවත් ජයකොඩි මහතා සඳහන් කළේය.
 
ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වා දී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම ඖෂධ සියල්ල 100% ම දේශීය ශා‍කසාර යොදා ගනිමින් නිෂ්පාදනය කර තිබෙන බව පවසන අමාත්‍යවරයා ‘සදංග’ පානය සහ ‘සුවධරණි’ ප්‍රතිශක්තිකරණ පානය නමින් එම ඖෂධ නම් කර තිබෙන බවද සඳහන් කළේය.
 
මෙම ඖෂධ ඔක්තෝම්බර් 12 වැනිදා එළිදක්වන බවත් ඒ මහතා කීය.



අදහස් (13)

කොරෝනා වළක්වන්න හැදූ දේශීය ඖෂධ කතානායකට පිළිගන්වයි

රසික Friday, 09 October 2020 08:58 AM

ඔව්. හොඳයි. මේ නාකි හොරු ටික පරිස්සමෙන් බලාගන්න ඕනේ අපි...

:       0       13

RaveendraFriday, 09 October 2020 04:44 PM

මේ දරුවා ඉරිසියාවට නේද අපිට නාකි කියන්නේ... එන්න එපා ඕවට හොඳේ.

:       1       6

Nuwan Friday, 09 October 2020 09:06 AM

දේශීය බෙහෙත් හෑල්ලුවට ලක් කරනවා නෙමේ... නමුත් මේ මිනිස්සු කරන්නේ තවත් විහිළු සපයන එක විතරයි.

:       5       24

senaSaturday, 10 October 2020 05:11 AM

අර දුම් හට්ටිය වගේ තවත් විහිළුවක්.. දේශීය වෙදකමේ බොහෝ හොඳ දේවල් තියෙනවා. නමුත් මේ විකාර මිනිසුන්ගේ සාක්කුවට තට්ටු කරනවා මිසක් වෙන සෙතක් නැහැ.

:       0       6

sampath Friday, 09 October 2020 09:35 AM

ඕකටත් වෙන්නේ සයිටම් එකට අත්වුණු ඉරණමම තමයි.

:       1       14

kamal Friday, 09 October 2020 10:42 AM

අනේ කරුණා කරලා ඕක ඔය 225ටම දෙන්න.. වෙන බෙහෙතක් බොන්නත් එපා කියන්න. රටට විශාල සෙතක් වේවි.

:       1       17

rohan perera Friday, 09 October 2020 11:20 AM

ආණ්ඩුවලින් විහිළු සැපයුවා හැමදාම... ඒත් මෙහෙම නම් නෑ.

:       6       15

Champa Friday, 09 October 2020 11:49 AM

මේක නම් හොඳ වැඩක්... වේලාසනම පටන් ගත්ත එක හොඳයි.

:       3       5

rocky Friday, 09 October 2020 02:22 PM

ලෙඩා මළත් බඩ සුද්ද වෙන්නම දෙන්න...!!! 

:       0       11

Ranepura Sinharajya. Saturday, 10 October 2020 05:44 AM

ඔය බෙහෙත් වට්ටෝරුවට අම්ලකර අඩංගු කරලා නෑ නේද? ඔතන ඉන්නවා ඔක්සිජන් විෂවෙන ජලකර බෝම්බ... අනේ අපේ ජනතා පුත්‍රයෝ රැකදෙන්න.

:       0       3

සෙනෙවිරත්න Saturday, 10 October 2020 06:43 AM

ම⁣ට අැහුණා කියනවා මේ බෙහෙත අත්හදා බලන්න කොරෝනා රෝගියෙකු ලැබුනේ නැහැ කියලා... ඒ කියන්නේ මේ බෙහෙත් කොරෝනා වලට බෙහෙතක් නෙවෙයි.., නිකං අනුමාන කරලා හදපු දෙයක්... ලොකුවට විශ්වාස තබාගන්න එපා. ඩෙංගු වලට පැපොල් කිරිකතා දැන් නැහැනේ...

:       0       5

විජේ Saturday, 10 October 2020 12:17 PM

පණ්ඩිතකම් නැතුව මේ බෙහෙතක් හරි හරියන්න කියලා ප්‍රාර්ථනා කරපල්ලා බං... නැත්තං ඔක්කොටෝම කෙලවෙන්නයි යන්නේ...

:       4       1

Bamunuarachchi Saturday, 31 October 2020 01:10 AM

කථානායකට දෙන්නේ මොන එහෙකටද? එයා මොනව කරන්නද? ඔන්න කාර් පර්මිට් එකක් දුන්න නම් එයා ප්‍රයෝජනයක්‌ ගනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site