IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කොරෝනා වයිරසය පාලනයට ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2 ක්

 

(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොවිඩ්-19’ වයිරසයෙන් සිදුව තිබෙන බලපෑම අඩු කිරීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන දෙකක මූල්‍ය ආධාරයක් කර තිබේ.


එම මූල්‍ය ආධාරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් සිදුව ඇති බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර ධාරිතාව (හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව) වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

‘කොවිඩ්-19’ රෝගී ප්‍රතිකාර සේවාවල ඵලදායීතාව ඉහළ නැංවීම, ආසාදන වැළැක්වීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙහිදි අවධානය යොමු කෙරේ. රෝගී ප්‍රතිකාර සේවා පද්ධති සංවර්ධනය කිරීමෙන් වඩා හොඳින් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය හා තීරණය ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද යුරෝපා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව මූල්‍යාධාරයේ ප්‍රධාන අංගයක් වන සෞඛ්‍ය සේවාවේ දුරස්ථ ඉගෙනුම් පද්ධති දියුණු කිරීම, අනාගතයේදී මෙවැනි හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය පද්ධතියේ හැකියාව තිරසර ලෙස වැඩි කිරීමට කෙරෙහි ද මෙහිදි අවධානය යොමු කර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.



අදහස් (9)

කොරෝනා වයිරසය පාලනයට ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2 ක්

Prabha Thursday, 17 December 2020 12:56 PM

ආධාර නම් ලැබෙනවා. ඒවගෙන් කෙරුණු දෙයක් නම් පේන්න නැහැ.

:       0       0

Demuni Uduwara Thursday, 17 December 2020 02:17 PM

නැණවත් ලෙස ප්‍රයෝජනයට ගන්න.

:       0       0

Rata Perata Thursday, 17 December 2020 05:11 PM

එකතු කරපු සල්ලිත් තවම කොරෝනාවලට වියදම් කරන්නේ නැතිව ඉන්නවා. මෙකත් සුනාමි සල්ලි ගිය තැනටම යයිද දන්නේ නැහැ. එහෙම කාලකණ්ණිනේ ඉන්නේ අපේ රටෙ....

:       2       16

MalikaFriday, 18 December 2020 02:10 AM

මටත් හිතුනේ ඕකම තමා. අඩු තරමේ මේවායින් අර එන්නත ගබඩා කරන්න ඕනේ පහසුකම්වත් හදා ගන්න උවමනාවක් නෑ. එක එක පැනි ජාති බොන්න මහජනයා කුලප්පු කරනවා. කැමති කෙනෙක්ට පැනි බොන්න ඇරලා රජයක් විදියට ඉක්මනින් මේ වසංගතයෙන් බේරෙන්න එන්නත ගැන අවධානයට යොමු වෙන්නයි ඕනේ. ආණ්ඩුව සියලුම විපක්ෂ බලවේගත් එකතු කරන එකයි කළ යුතු. එක එක්කෙනාට දොස් කියමින් පාර්ලිමේන්තුවේ පුද්ගලික තරහවල් ඇදගෙන මඩ ගහනවා විතරයි අපි දකින්නේ. ජනාධිපතිතුමනි, තවත් පරක්කු නොවි සියලු දෙනා ඒකරාශි කරන් එන්නත ගැන අවදානයට යොමු වෙලා වැඩට බහින්න...

:       0       0

chandima Thursday, 17 December 2020 06:14 PM

ණයටද? පිනටද? අර ගෙවල් හදන්න ණයක් ගත්තාම අපෙන් පොලියත් අයකර ගෙන අහවල් බැංකුවෙ අනුග්‍රහයෙන් කියලා අපි කිව්වම බෝඩ් එකකුත් ගස්සවා ගන්නවා වගේ නෙමෙයිනේ.

:       0       1

69lakshaya Thursday, 17 December 2020 06:27 PM

ඔය සල්ලි වලින් ධම්මික පැණිය නිෂ්පාදනය වැඩි කරන්න පියවර ගන්න.

:       0       0

Puppa Friday, 18 December 2020 04:31 AM

එකෙනුත් ගාණක් අප්පච්චිලා ගහයි...

:       0       1

kamal Friday, 18 December 2020 10:15 AM

මෙවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ....

:       0       0

janabala asamagi Friday, 18 December 2020 11:26 AM

අනිවාර්යයෙන්ම.. නමුත් බැංකුව වගේ එකපාරට සුද්ද කරන එකක් නැහැ. ඔය ආධාර ලැබිලා තියෙන්නේ මහත්තයාගේ වියදමට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 513 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 314 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site