කොරෝනා වයිරසයේ නව ප්‍රබේධයක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිරෙන බව වාර්තා වීමත් සමග යුරෝපීය රටවල් කිහිපයක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සංචාරකයින්ට සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
ප්‍රංශය කියා සිටියේ බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන සියලුම පුද්ගලයන්ට ඉරිදා රාත්‍රියේ සිට පැය 48ක කාලයක් සඳහා ගොඩබිම්, ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් ගමනාගමනය හා භාණ්ඩ ප්‍රවාහනය තහනම් කරන බවයි.
බෙල්ජියම ද බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් සහ දුම්රිය සඳහා තහනමක් පනවා තිබේ.ජර්මානු රජය පවසා සිටියේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවන බවයි.
නෙදර්ලන්තය ඉරිදා (20) සිට බ්‍රිතාන්‍ය මගීන් රැගත් ගුවන් ගමන් තහනම් කර ඇති අතර එම සීමාවන් ජනවාර් පළමුවනදා දක්වා ක්‍රියාත්මක කරන බව පවසා තිබේ.අයර්ලන්තය ද බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පරෙන්සා මහතා පවසා සිටියේ "මෑතකදී ලන්ඩනයෙන් සොයාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රබේධය සම්බන්ද ප්‍රවෘත්තිය අපගේ කනස්සල්ලට කරුණක් වන අතර එය අපගේ විද්‍යාඥයින් විසින් විමර්ශනය කළ යුතුය" යනුවෙනි.
මෑත සතිවල බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යෑමට මෙම නව ප්‍රබේධය හේතුවී ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොනිසන් මහතා (19) සෙනසුරාදා ප්‍රකාශකර තිබිණි.
බ්‍රිතාන්‍ය රජය ලන්ඩන් සහ අවට ප්‍රදේශ සඳහා කොරෝනා සීමාවන් දැඩි කළ අතර නත්තල් සමයේ සීමාවන් ලිහිල් කිරීමේ සැලසුම් ද අවලංගු කළේය.ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් මහතා ද සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් ලැබෙන වාර්තා ඉතා බැරෑරුම් ලෙස සලකන බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා වයිරසයේ නව ප්‍රබේධයක් ලන්ඩන්හි පැතිරෙයි