
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයන් 7,000කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.
ඉන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ මෙක්සිකෝවෙන් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 1,300 කට වැඩි යැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියයි.
‘‘ආරක්ෂිතව රැකියාව කිරීම සෑම සෞඛ්‍ය සේවකයකුටම ඇති අයිතියක්. මේක එක්තරා ආකාරයක නින්දාවක්, ගර්හාවක්. බොහෝදෙනකුට ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා’’ යැයි බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ක්ෂමා සංවිධානයේ ආර්ථික සහ සමාජ සාධාරණත්වය සඳහා වන අංශයේ ප්‍රධානී ස්ටීව් කොක්බර්න් පැවැසීය.
‘‘වසංගතය පැතිරෙන්න පටන් අරගෙන දැන් මාස ගණනක්. එහෙත් තවත් වයිරසය ආසාදනය වීමෙන් තවමත් සෞඛ්‍ය සේවකයන් මරණයට පත්වෙනවා. මෙක්සිකෝව, බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල සෞඛ්‍ය සේවකයන් මරණයට පත්වන අනුපාතය ඉතා ඉහළයි. ඒ වගේම ඉන්දියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන මරණ ගණන ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා අපි කඩිනම් පියවර ගත යුතුව තිබෙනවා’’ යැයි හෙතෙම කීවේය.
‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය හේතුවෙන් මෙක්සිකෝවේ සෞඛ්‍ය සේවකයන් 1,320 දෙනකු මරණයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවකයන් 1,077 දෙනකු, එක්සත් රාජධානියේ 649 දෙනකු, බ්‍රසීලයේ 634 දෙනකු, රුසියාවේ 631 දෙනකු සහ ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයන් 573 දෙනකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.
ඇතැම් රටවලින් වාර්තා වන ගණන් නිල වශයෙන් සටහන් වී නැති බවත් එබැවින් නිවැරැදි සංඛ්‍යා මීටත් වඩා වැඩි බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.
කොරෝනා වයිරස ආසාදිත මරණ වාර්තා වීමේ ඉහළ අනුපාතයක් ඇති රටක් වන මෙක්සිකෝව වයිරසය ආසාදනය වී මිය යන සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් නිසි පරිදි වාර්තා තබාගෙන ඇති නමුත් දැනට වාර්තා වී ඇති ගණනෙන් සමස්ත චිත්‍රයක් පෙන්නුම් නොකරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.
මෙක්සිකෝවේ සෞඛ්‍ය සේවකයන් 97,632 දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එරට වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 610,000 ඉක්මවයි.
රෝහල්වල පිරිසුදු කරන්නන් වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි ද රෝහල්වල පිරිසුදු කිරීමේ කටයුතු බාහිර පාර්ශවවලට පැවැරීම සේවකයන් තවදුරටත් අනතුරේ හෙළීමක් යැයි ද ක්ෂමා සංවිධානය සඳහන් කරයි.
මෙක්සිකෝවේ සෞඛ්‍ය පද්ධතිය දශක ගණනාවක් මුළුල්ලේ සිට නොසලකා හැරුණු බවත් එහෙත් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පද්ධතියේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා පියවර ගනිමින් සිටින බවත් එරට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කරයි.
මෙක්සිකෝවේ ජනගහනය මිලියන 128.8කි. එරටින් මේ වනවිට වාර්තා කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 65,000 පසු කර ගොස් ඇත.
‘‘වසංගතය පුරා ලොව රටවල්, පාලකයන් සහ ආණ්ඩු සෞඛ්‍ය සේවකයන් වීරයන් යැයි උත්කර්ෂයට නැංවූවා. එහෙත් සැබෑ තත්ත්වය සෞඛ්‍ය සේවකයන්ට මූලික සෞඛ්‍යාරක්ෂිත උපකරණ ටිකවත් නැහැ. පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නැතුව සෞඛ්‍ය සේවකයන් මැරෙනවා’’ යැයි කොක්බර්න් පැවැසීය.
(ඒ.එෆ්.පී.)
055
2025 දෙසැම්බර් මස 04
349
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා වයිරසයෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයෝ 7,000ක් මියයති