
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 29 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,640 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 22 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර හයදෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.
එමෙන්ම පිරිමි අය 12 දෙනකු සහ කාන්තාවන් 17 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
COMMENTS
වසන්තය එනවා සත්තයි කියලනේ කිව්වේ. ඔය එන්නේ ටික ටික වසන්තය ....
ආණ්ඩුවට උවමනාවකුත් නැහැ , මිනිස්සුන්ට උවමනාවකුත් නැහැ , මේකෙන් නිදහස් වෙන්න.
සාමාන්‍ය හෙම්බිරිස්සාවා හැදිලා ඉන්නකොට මරුන ගණන ගැන්නොත් වැඩ වැඩි වෙයි
ආණ්ඩුවයි, කම්පැණි කාරයෝයි කොරෝනාව ගරානාවක් කරගෙන ඉන්නේ...