(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 40 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,059ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 28 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 11 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 22 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 18 දෙනෙක් ද වෙති
COMMENTS