(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 183 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,366 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 136 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 45 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් ද වෙති.
මියගිය අය අතරින් 107 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 76 දෙනෙක් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාන හරියටම ෂුවර් ද දන්නේ නැහැ. කොම්පියුටර් ජිල්මාට් දාලා කරපුවා මතක් වෙනවා...
ඊයේ ලංකාව මිලියනයකට දෛනික මරණ සංඛ්‍යාව ලෝකයේ තුන්වෙනියට ආව. තාමත් මේ රටේ මිනිසුන්ට සහ ආර්ථික වාදීන්ට මේ අවදානම තේරුම් ගිහින් නෑ. තාමත් මුලුගණන කියා කියා කයිය ගහනවා.