(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (154) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 14,034 දක්වා ඉහළ ගොස් ඇත.

වයස අවුරුදු 60 ට වැඩි 16 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 2 දෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 9 දෙනකු සහ කාන්තාවන් 9 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.