(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 63 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) පස්වරුවේ තහවුරු කළේය.
එම මරණ 63 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,258 ක් දක්වා ඉහළ ගියේය. මියගිය පුද්ගලයන් අතර පිරිමි 35 ක් සහ කාන්තාවෝ 28 ක් වෙති.
වයස 30 ට අඩු කාන්තාව ද පෙරේදා මියගිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මියගිය පුද්ගලයන් 51 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර 11 දෙනකු අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.