IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදනය වීමෙන් දින 20 ක බිලිඳෙක් මියයයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ  දින 20 ක් වයසැති බිලිඳෙකු කොවිඩ්-19 වයිරසය ආසාදිත වී අද (08) සවස මිය ගිය බව රෝහල්  අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පැවසීය.

බිලිඳා  අද අලුයම 4.00 ට පමණ අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියාව රෝගී තත්වය උත්සන්න වී  හුස්ම ගැනීමේ අපහසුතාවය තිබී ඇත. වෛද්‍යවරුන් බිළිඳාට කෘතිම ස්වසනය ලබා දී තිබු බව අධ්‍යක්ෂවරයා කීය.

එම බිලිඳා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වූ බවත් අධ්‍යක්ෂවරයා කීය.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාබාලතම තැනැත්තා මෙම බිලිඳා බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

කොරෝනා ආසාදනය වීමෙන් දින 20 ක බිලිඳෙක් මියයයි

Demuni Uduwara Tuesday, 08 December 2020 03:17 PM

හද සසල කරවන පුවකත්..

:       0       0

SL Tuesday, 08 December 2020 03:55 PM

අර හෙට්ටිආරච්චි වෙදමහත්තයා කියපු කතාව මතක් වෙනවා, වයිරස වලට බටහිර වෙදකම තවමත් බාල අවදියේ ඉන්නේ, කරුමෙට කියල වැඩක් නැහැ... සුද්ද බෙහෙත හදල දෙන හැටිත් කියල එවනකල් බලන් ඉන්න - අපි දොස්තරලා ..!

:       8       11

අබිලින් Wednesday, 09 December 2020 01:54 AM

නොදන්නාකමට අහන්නේ... මෙතෙක් කාලයක් මියගියේ පිරිමි පුද්ගලයින් හා කාන්තාවන් පමණයි.

:       0       0

mohomed Wednesday, 09 December 2020 03:18 AM

ළමයාගේ දෙමව්පියන්ට කොරෝනා නැතිලු.

:       0       0

බුවනෙක Wednesday, 09 December 2020 04:51 AM

කොළඹ ඉදිකිරීම් කරන කොම්පැණි කාරයින්ට සේවකයින්ගේ ගෙවල්වල ඉන්න යැපෙන්නන් ගැන හැඟීමක් නැත. මේ වනවිටත් ආසාධිතයින් 150කට වැඩියෙන් වාර්තා වෙන ඉදිකිරීම් සයිට් එකක් සියළුම සේවකයින් රාජකාරියට වාර්තා කරන්නට නියෝග දී ඇත. නිවසේ සිට වැඩ කළ හැකියාව තිබියදීත් සේවයට වාර්තා නොකරන කාර්යාල සේවකයින් සේවයෙන් පහකරන බවට අනතුරු ඇගවීම් කර ඇත. බොහෝ සේවකයින් ඔවුන්ගේ දරු පවුල්වල කුසගින්න ගැන සිතා 2000~3000ක් ගැවසෙන වැඩබිම් වල සේවයට යති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site