( තිලකරත්න දිසානායක)
දරුවා ප්‍රසූත කිරීම සඳහා ගම්පහ රෝහලට ඇතුළත්ව සිටි කොරෝනා ආසාදිත 33 හැවිරිදි මවක දරුවා බිහිකර දින හයකට පසුව මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවක මෙසේ මරණයට පත්ව ඇත.
මියගිය තිදරු මව ඉකුත් 11 වැනිදින දරු ප්‍රසූතිය සදහා රෝහලට ඇතුළත් වන විට උණ , සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවැසීය.
ඇයට කොරෝනා රෝග තත්ත්වය උත්සන්න වීම නිසා සිසේරියන් සැත්කමකින් දරුවා ලබා ගත් බවත් ඊට දින පහකට පසු අද දින එම මව මිය ගිය බවත් අධ්‍යක්ෂ වරයා සදහන් කළේය.
COMMENTS
ඉතාමත් ඛේදජනකයි. දරුවාටවත් නිරෝගි සුව පතමු. මෙහි ඇති තවත් ඛේදවාචකයක් තමා මේ දරුවා වාර්ෂිකව උපන්දිනය සමරන්නේ කොහොමද? මවට නිවන් සුව පතමු!
උද්දච්ච කම සහ තම දේශපාලන අරමුණු පසෙක තබා කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය දැන්වත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ප්‍රවීණයන්ට ලබා දෙන්න .